පලා යාම

දිසානායක ශිෂ්‍ය නේවාසිකාගාර කාමරයෙන් එළියට බටුයේ ය. කොරිඩෝව දිගේ දැල්වෙන පහන් හැර අන් කිසිවක් ඔහු ගේ දෙනෙතට හසු නොවීය. මුළු නේවාසිකාගාරයම තද නින්දේ විය යුතුය. අ`දුර මැද්දෙන් හීනියට ඇදෙන පොද වැස්සක හ`ඩ නිහ`ඩතාවයට කළ හානියක් නැත.

ගමන් මළු එලියට ගත් දිසානායක කාමරය දෙස ම`ද වේලාවක් බලා සිටියේ ය. පොත් අතර සිරවී සිටි ලියන මේසය, එකම සැපත වූ නින්ද ගෙන දුන් ඇ`ද... ශබ්ධ නොනැෙ`ගනසේ කාමරයේ දොර වැසූ දිසානායක යතුර උළුවස්ස උඩ සුපුරුදු ස්ථානයේ සැ`ගවූයේ ය.

ගමන් මළු සියල්ල ඔසවා ගෙන යායුතුය. අළුතෙන් මිල දී ගත් ගමන් මළු බිම දිගේ ඇද ගෙන යා හැකි ඒවා වුවත්, අනවශ්‍ය ශබ්ධ නැගීමේ අවදානම දිසානායක දනී. දැනටමත් විරුද්ධ පිලේ ඔත්තුකරුවන් ඔහුගේ ගමන ගැන දැන ගෙන නම්... මහ ? වුවත් තනිවම ගමන් කිරීමට ගත් තීරණයේ අවධානම වැඩිය. දිසානායක දිග සුසුමක් හෙළුවේය.

පොද වැස්ස තුරුල් වෙමින් යයි. නේවාසිකාගාර ගොඩනැගිල්ලෙන් පිටතට බට දිසානායකට විශ්ව විද්‍යාල භූමිය ඈතින් පෙනේ. එයට පිවිසෙන්නේ නේවාසිකාගාර ආරුක්කුව තුලිනි. ආරුක්කුවට දකුණු පසට වන්නට විහිදෙන මාර්ගය ප‍්‍රතිවාදීන්ගේ තිප්පලකි. එයින් වන අනතුරක් හෝ තවත් ගැටුමක ආරම්භයක් වලකන්නට වෙනදාට ඔහු මේ ආරුක්කුව හරහා යන්නේ සිය පිළේ පිරිසක් ද කැටුව වේගයෙනි. ඝනකාභ හැඩයට සැකසූ කළු ගල් වලින් බැ`ද ඇති ආරුක්කුවේ දකුණු පස දැන්වීම් පුවරුවකි. විදුලි ආලෝකයෙන් දැන්වීම් පුවරුව ආලෝකවත් වී ඇත. එහි මැද තිබූ මරණ දැන්වීම දිසනායක හ`දුනා ගත්තේය. ඔහු දැන්වීම් පුවරුව දෙසට කිට්ටුවී බැලූවේය.

”විමුක්ති හ`දුන් ආරච්චි සහෝදරයාට නිවන් සුව ! ”

අහිංසක මූණක් මවාපාන විමුක්තිගේ ජායාරූපයට දිසානායක කැමති නැත. විමුක්තිගේ දෑස් තමා දෙස බලා සිටින බව දැන්වීම් පුවරුවෙන් ඉවතට ඇදෙන දිසානායක දුටුවේය.

”කටස්........”

දකුණු පස පාර පැත්තෙන් වියලි ලී කැබැල්ල බිෙ`දන හෙ`ඩන්, දිසානායක ගැස්සී ගියේය. ඔහුගේ සිතට බය කාන්දු වූයේ කිසිදා නොවූ අයුරිනි. ඉක්මනින් ආරුක්කුව පැනගත් ඔහු හැකි වේගයෙන් ප‍්‍රධාන දොරටු දෙසට ඇදුනි. ඔහුට ඔහුගේ හද ගැසෙන හ`ඩ ඇසෙයි.

පාරේ දෙපස විවිධ වර්ගයේ මල් ගස් වවා ඇත. විදුලි ආලෝකයෙන් අසල තිබූ ක්රෝටන් ගසක කොළ තැඹිලි පැහැයෙන් කැපී පෙනේ. පාරේ සමහර තැන් අ`දුරුය. ශීතල සුළ`ගක් නැවත හමා ගියේ නැවතත් පොද වැස්සක සළකුණු හ`ගවමිණි.

දිසානායකගේ සිතෙහි වේගයෙන් සිතිවිලි නැගෙයි. වසර ගණනක් ඇවිද ගිය පටු මාවතක් ඔස්සේ ඔහු ඇදෙන්නේ සිතාමතා නොවේ. පුරුද්දෙනි.

”මිනීමරුවා !!!”

”නෑ මම මිනීමරුවෙක් නෙවෙයි. මම ඌව මරණවා තියා ඇ`ගිල්ලකින්වත් ඇනලා නැහැ.! උගේ වැරදිවලට ඌ කරපු අපරාධවලට ඌට දඩුවම් ලැබුණා. මගේ කිසිම වැරැුද්දක් නැහැ.....

දිසානායකගේ සිත තුල ප‍්‍රතිවිරුද්ධ සිතුවිලිවල ගැටුමින් තර්කයෙන් ජය ගන්නේ ඔහුට පක්‍ෂ පාර්ශවයයි. එවන් මොහොතක සිත තුල හීන් වේදනාවක් සිර වී ඇති බව පමණක් ඔහුට හැෙ`ග්. ජීවිතයේ ප‍්‍රීතිය ලබන්නට නම්, ”ජීවිතයෙන් සතුටුවන්නට නම් යමෙකුට හැඩි දැඩි ඝන හමක් තිබිය යුතුය” යන චෙකෝෆ්ගේ කීම ජීවනාදර්ශයක් කරගත් දිසානායක එයම සිහිකොට සිත දැඩි කර ගත්තේය.

ප‍්‍රධාන ගේට්ටුව වෙත ල`ගා වන දිසානායක දුටු ආරක්‍ෂකයකු වහා ඔහු වෙත දිව විත් ඔහුගේ ගමන්මල්ල ඔසවා ගත්තේය.

”දිසානායක මහත්තයා !”
”ඇයි මේ තනියෙම........ කවුරුත් නැතිව මේක ඇතුලේ කරක් ගහන්න හො`ද කාලයක් ද මේක. මං අහන්නේ....... වී. සී. මහත්තයා දැනගත්තා නම් අපටත් එක්ක සෝලි වැටෙනවා”

දිසානායක කිසිවක් නොදෙඩුයේය. ආරක්‍ෂක කුටියට පිවිසි ඔහු තමා බලාපොරොත්තුවන වාහනය තවම පැමිණ නොමැති බව සැක හැර දැන ගත්තේය. ? තුනට තවත් මිනිත්තු දහයකි.

අමුත්තන් ස`දහා වූ කුටියට පිවිසි දිසානායක සිමෙන්ති බංකුව පිස දමා එහි හි`ද ගත්තේය. ආරක්‍ෂක විධායකයා සහ අනෙක් ආරක්‍ෂකයෝ ඔහු දෙසම බලා හිදිති.

”මම ටික දවසකට මෙහෙන් පිටවෙලා ගිහිල්ලා ඉන්න කියලා. කාටවත් මා ගිය වගක් කියන්න ඕනි නැහැ. අපේ එවුන් ඇහුවත් දන්නේ නැහැ කියන්න. මම ඒ අයට හරි කාලයේ දී දන්වලා එවන්නම් !”

පාන්දර ශීතල වැඩි දියුණු කරමින්, මිටි බිත්ති සහිත ගොඩනැ`ගිල්ල හරහා සුළ`ග හමා යයි. දිසානායක දෑත් එකට අතුල්ලා දෑත් උණුසුම් කර ගත්තේය. දිසානායකගේ මුහුණේ තිබුණේ ශීතලින් පීඩාවට පත් වූවකුගේ පෙනුමක් නොවේ. මේ නම් ඔහුගේ ජීවිතයේ විශාල වෙනසකි. පෙරළියකි.

නිසි වෙලාවේ දී නිසි තැන දී ඔහුගේ මුවින් පිටවන වචනයකින් නිසි ප‍්‍රතිඵල ලද්දෙකි දිසානායක. එය අන් කිසිවෙකුටන් වඩා හොදින් ඔහු දනී. විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම වසර මුල්ම කණ්ඩායම් රැුස්වීමේදී සිසුන් පැති බෙදී ආවේගශීලීව වචන හුවමාරු කර ගන්නා විටෙක පසු පස ආසනයේ සිටි ශිෂ්‍යයෙක් නැ`ගී සිටියේය.

”මම කොළඹිනුත් නෙවෙයි, දකුණෙනුත් නෙවෙයි. මම බොගෙකුත් නොවෙයි. ජිපියෙකුත් නොවෙයි. අපි මෙතනට රැුස්වෙලා ඉන්නේ කල්ලි ගැහිලා තරහකාරයෝ වගේ වාද කරන්න නෙවෙයි.”

”මට මගේම කියලා දේශපාලන පිළිගැනීමක් තියෙනවා! ඒක මුළු සමාජය මතම බලෙන් පටවන්න මට තියෙන අයිතිය මොකක්ද?

”දේශපාලන විරුද්ධවාදීන් එක්ක වාද කරකර ඉන්නවාට වඩා අපට වැදගත් ප‍්‍රශ්ණ තියෙනවා ! අපට එකට එකතු වෙලා සටන් කරන්න පොදු සතුරෝ ඉන්නවා. අවුරුදු ගණනක් විස`දුම නොලැබිච්ච ප‍්‍රශ්ණ හැමෝම අත ගගා හිටපු ප‍්‍රශ්ණ.”

”ඉතින් මේ රැුස්වීමේ කැ`දවුම්කරුවන්ටත් මගේ ම ආදරණීය සහෝදර සහෝදරියන්ගෙනුත් මම ඉල්ලන්නේ, අපි එකතුවෙමු. අපේ වෙනස්කම් පැත්තකින් කියලා එකට වැඩ කරමු කියන එකියි.”

ශිෂ්‍යයා නැවත වාඩි වූයේ තැනින් තැන සිට නැ`ගී දේශන ශාලාවම ගිගුම් දුන් අත්පොලසන් නාදයක් සම`ගියි. ඒ ශිෂ්‍යයා අනෙකෙකු නොවේ. දිසානායකයි. සියළුදෙනා සන්සුන් කළ සියළුදෙනාගේ අවධානය දිනාගත් ඒ කථාව ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය වෙනම ම ම`ගකට යොමු කළ සැටි දිසානායකට සිහිවෙයි. රැුස්වීමෙන් පසුව බලයේ සිටි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෝ ඔහු සොයා බෝඩිමට ආහ. මීල`ග නිළවරණය ස`දහා ඔහුගේ නම කණ්ඩායම් නියෝජිත තනතුරට යෝජනා කරනවාට කැමැති දැයි ඇසූ විට දිසානායක ඔවුන්ගේ අරමුණු, දීර්ඝ ක‍්‍රියා මාර්ග හා සාමාජික පිරිස ගැන දීර්ඝ ලෙස විස්තර ඇසුවේය. සමහර ක‍්‍රියා මාර්ග විවේචනය කලේය. අන්තිමේ දී දිසානායක ඔවුන්ට තම කැමැත්ත දුන්නේය.

නාමයෝජනා භාර දී පැමිණි රාත‍්‍රියේ පැවැත් වූ සාදය, ? නිදිමරමින් ඇ`දි පෝස්ටර්, මහපොලම වියදම් කර ගැසූ අත් පත‍්‍රිකා... හර්ෂි ලවා ඉංග‍්‍රිසි අත් පත‍්‍රිකාව ලියා ගත් හැටි, හැමගේම ආදරයට ගෞරවයට පාත‍්‍ර වූ හැටි... අන්තිමේ දී දිසානායක අප්පුහාමිගේ සහ උඩහගෙදර රන්මැණිකාගේ පුතා ශිෂ්‍ය සංගමයේ කණ්ඩායම් නියෝජිත තනතුරටත්, සම ලේකම් තනතුරටත් තේරුණු හැටි... දිසානායකට නම් ඒ සිදුවීම් අද ඊයේ සිදු වූ දේ ලෙසින් සුන්දර මතකයන් මවයි.

ඉස්සර වචනයක් වත් කථා නොකරපු, දකිද්දී ගස්සා ගෙන ඉවතට ගිය හර්ෂිත් අන්තිමේ දී කැමැති වුනා. හර්ෂිගේ සුන්දර වුවන, හැඩකාර ගමන, ආඩම්බර බැල්ම .... ඔහුගේ සිහියට නැෙ`ග්. දිසානායකගේ මුහුණෙහි සිනා රැුල්ලක් ඇ`දුනේ නිරායාසයෙනි. ජීවිතයේ සතුට, පී‍්‍රතිය උදාවන්නේ නිරායාසයෙන් සියල්ල තමා වෙත ල`ගා වන විට පමණ ද? අද ඒ සතුට ජීවිතයේ ලස්සන තමන් ගෙන් ඈත් වී ඇත්තේ ඇයි?

ඉ`දහිට ප‍්‍රධාන මාර්ගයේ වේගයෙන් ඇදෙන වාහනයක හ`ඩින් දිසානායකගේ සිතුවිලි ධාරාවෝ බිෙ`දයි. ඔහු බලාපොරොත්තු වූ වාහනය තවම නැත. කළු පැහැති වලාවන් අතුරෙන් පුන් ස`ද එබී බලනු ඔහුට පෙනෙයි. එයින් පෙරෙන එළිය අරලියා ගස් අතරින් පීරා විත් භූමියේ මවන්නේ අරලියා ගසෙහි සෙවනැල්ලයි. තණ කොළ අග පිණිබි`දු ඒ එලියෙන් දිදුලයි. නමුත් තණපත් අග ඒ පිණිබි`දු කොතරම් වේලා රැු`දී තියේද?

ශිෂ්‍ය සංගමයේ කණ්ඩායම් නියෝජිතයා ලෙස කණ්ඩායමේ ගැටළු පරිපාලනය සම`ග සාකච්ඡුා කොට විස`දා ගැනීම දිසානායකට පැවරුණු ප‍්‍රධානතම රාජකාරිය විය. බලයේ සිටි ශිෂ්‍ය සංගමය පැවැති පරිපාලනයට පක්‍ෂපාතී යැයි හංවඩු වැදුනු එකෙකි. එය එසේම බව දිසානායක දැන ගත්තේ මාසික සභාවන් වලිනි. මෙය පුදුමයට කරුණක් නොවුවත්, තමා පැමිණි කාරිය අමතක කර දමා නිෂ්ශබ්ධව සිටීමත් පැන නොන`ගා සිටීමත් දිසානායකට අපහසු කාරියක් විය.

”උපකුලපති තුමනි, ලේකඛාධීකාරී තුමනි, පීඨාධිපති වරනි, නිලධාරිනි, මට අවසරයි පළමු වසර කණ්ඩායම් නියෝජිත ලෙස අප කණ්ඩායම මුහුණ දෙන බරපතල ගැටළු කිහිපයක් ඔබ සැමගේ අවධානයට යොමු කර වන්නට. නවක කණ්ඩායම විදියට විශ්ව විද්‍යාලයේ රැුදී සිටින අපට ලැබීමට ඇති වරප‍්‍රසාදයක් වන්නේ, ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම්! නමුත් නව නේවාසිකාගාර ගොඩනැ`ගිල්ල ගොඩනැගීම අතර ම`ග නතර කර තිබෙන නිසා මේ වසරේ දීත් එහි පාඩුව පළමු වසර සිසුන්ට වි`දින්නට සිදු වී තිබෙනවා. ප‍්‍රතිපාදන නැති නිසා ගොඩනැ`ගිල්ල ඉදිකිරීම නවතා දැනට මාස 10ක්. මේ සම්බන්ධව අපට සාධාරණ විස`දුමක් ලබා දෙන්න කියා මා ඉල්ලනවා!”

දිසානායකගේ ඉල්ලීමට පිළිතුරු දීමට පාලක පක්‍ෂයෙන් නිලධරයන් ඉදිරිපත් වීමට ප‍්‍රථම ශිෂ්‍ය සංගම් සභාපතිවරයා ඉදිරිපත් විය.

”අපි දන්නවා රටේ තියෙන ආර්ථික තත්ත්වය යටතේ රජයට විශ්ව විද්‍යාලවලට ලබා දෙන ප‍්‍රතිපාදන සීමාකරන්න සිදු වී තිබෙන බව. ඒ වගේම පළමු වසර ශිෂ්‍යයන්ට යම් ගැටළුවක් ඇති වී තිබෙන බවක් අපට පෙනෙනවා”
දිසානායක ප‍්‍රති උත්තර බැන්දේය.
”ශිෂ්‍ය නේවාසිකාගාරය ස`දහා ආධාර ලබා දෙන්නේ ජපන් රජයෙන් මිසක් අපේ රජයෙන් නෙවෙයි. ඒ කොටස් දෙකකට. පළමු කොටස අවුරුද්දක් තුල අවසාන කල විට තමා දෙවන කොටස ලබා දෙන්න තමා පොරොන්දු වී තියෙන්නේ. පළමු කොටස සම්පූර්ණ කිරීමට අවශ්‍ය මුළු මුදලම විශ්ව විද්‍යාලය වෙත ලැබී තිබිය දීත් අකාර්යක්‍ෂම හා විනිවිද නොපෙනෙන මූල්‍ය පාලනය නිසා එය අවසන් වී නැහැ. ඊට අමතරව දැන් දෙවන කොටසේ මුදල් පෞද්ගලික තොරතුරු තාක්‍ෂණ විශ්වවිද්‍යලයකට යෙදවීමට මේ කි‍්‍රයාවලිය හේතු වෙලා. මෙහි වරද කාගේ වුවත්, ප‍්‍රතිඵල භුක්ති විදින්නේ මගේ කණ්ඩායමේ ශිෂ්‍යයන්.”

සභාවම මීයට පිම්බාක් මෙන් නිසොල්මන් විය. ශිෂ්‍ය සංගම් සභාපතිවරයා කෝපයෙන් පුපුරන්නට විය. ඔහු ප‍්‍රතිඋත්තර බැදීමට තතනද්දී උපකුලපතිවරයා තමන්ගේ ගාම්භීර හ`ඩ අවදි කළේය.
”මේ ප‍්‍රශ්ණය බොහොම විවෘතව කරුණු කාරණා සහිතව ඉදිරිපත් කිරීම ගැන දිසානායකට බොහෝම ස්තූතියි. මම වහාම මේ ගැන ගත යුතු කි‍්‍රයාමාර්ග ගැන කොමිෂන් සභාවත්, අමාත්‍යාංශයත් සමග කථා කරන්නම්. තවත් ශිෂ්‍ය ප‍්‍රශ්ණ නොමැති නිසා, සභාවාරයේ කටයුතු ස`දහා ලේකඛාධිකාරීතුමාට අවස්ථාව!”
රැුස්වීමෙන් එළියට බට විගසින් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හා අනෙක් නිලධාරීන් වටකර ගත්තෝය. ශබ්ධය බාල කරමින් බැන වැදුනේ තමන්ගේ කීමට පිටින් ගොස් අනවශ්‍ය ප‍්‍රශ්ණ ඇසීම ගැනය. මේ අතරේ දී උපකුලපතිවරයාගේ ලේකම්වරයා සිසුන් වෙත පැමිණ දිසානායකට උපකුලපතිතුමා ගෙන් කැ`දවීමක් ඇති බව දැන්වීය.

ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ දිසානායක වට කර ගෙන ඔහුට අවවාද දෙන්නට වූහ. ”ඔය යකා මොනවගේ මිනිහෙක් ද කියලා උඹ දන්නේ නැහැ. ලොකු පාට් දාන්න ගියොත් උඹට ඊල`ග කණ්ඩායමත් එක්ක ආයෙමත් විභාගය ලියන්න වෙයි. වැඬේ දුර දිග ගියොත් අතක් පයක් කඩා ගෙන මාස ගානක් ඇෙ`ද් ලගින්න වෙයි. චණ්ඩියෙක් නොවී ගෞරව දීලා කථා කරපන් මෝඩයා!”

මේ අවවාද දිසානායකට ඇසුනත්, ඔහුගේ සිතෙහි වේගයෙන් පිළිතුරු සෙවූ ප‍්‍රශ්ණ කිහිපයකි. තමාගේ අදහස පැහැදිලි කර දිය යුතු ද නැති නම් නිශ්ශබ්ධව සිටිය යුතු ද?

දිසානායක උපකුලපති කාමරයේ දොරට තට්ටු කළේය.
”එන්න ඇතුලට”
”සුභ සන්ධ්‍යාවක් සර්”
”දිසානායක...! එන්න ඇතුලට !” ”ඇවිත් වාඩි වෙන්න”
උපකුලපතිතුමාගේ ස්වරය ශාන්තය. කරුණාබරය.
”දිසානායකගේ ගම කොහෙද?”
”වැලිමඩ සර්”
”තාත්තාගේ රස්සාව මොකක්ද?”
”ගොවිතැන සර්”
”දිසානායක ඇයි ගොවිතැන් නොකර විශ්ව විද්‍යාලයට ආවේ ?”
උපකුලපතිවරයා දිසානායකගේ දෑස විනිවිද දකින්නට උත්සහ කරමින් සිටියේය.

”මට අප්පච්චිලා විදින දුකින් ගොඩ ගන්න ඕනි!”
”ඉතින් දැන් අප්පච්චිට දිසානායකට උගන්වන්න යන වියදම් හොයන්න දුක් විදින්න වෙයි නේද?”
”ඔව්! ඒත් ඒ මම උපාධියක් අරගෙන රස්සාවක් හොයා ගෙන ඒ අය බලාගන්න කම් විතරයි” උපකුලපතිවරයා දිසානායකගේ ඉරියව් නිරීක්‍ෂණය කරන්නේ කථාවට විරාමයක් තබමිනි.

”දිසානායක හිතනවද... මම ශිෂ්‍යයන්ට හො`දක් වෙනවා දකින්න අකමැතියි කියලා.”
දිසානායක ඒ ප‍්‍රශ්ණයෙන් ගැස්සී ගියේය.
”අනේ නැහැ සර්! මම එහෙම හිතන්නේ නැහැ. නමුත් මට මේ ප‍්‍රශ්ණය නිසා මගේ කණ්ඩායමේ ඈත පිටිසරින් ඇවිත් ඉන්න දුප්පත් සහෝදර සහෝදරියන් ල`ගපාතින් බෝඩිම් හොයන්න වෙන මහන්සියත් ඒකෙන් ඒ අයගේ පවුල්වලට වැටෙන බරයි බලා ඉන්න බැහැ.”

”මගේ තාත්තාත් ගොවියෙක් දිසානායක !”
උපකුලපතිතුමා හිස හරහට මැනවින් පීරාතිබූ අළු පැහැති හිස කෙස් අතින් තද කරමින් කථා කළේය.”
”ඔයාට ඔයාගෙ තාත්තා විදින දුක නවත්තන්න බැහැ වගේම තමයි, මට නේවාසිකාගාරයේ ඊල`ග ආධාර වැඩසටහන එනතුරු ඉවර කරන්න බැහැ. මම හිතනවා දිසානායකට මේවා තේරුම් ගන්න බැරි නැහැ කියලා. මේ වෙලාවේ මට කරන්න දෙයක් ඉතිරිවෙලා නැහැ”

”මට වැඩියෙන් කරදර තියෙන ළමයින්ගේ නම් ලිස්ට් එකක් එවන්න. ලබන සතියේ එක පීඨයකින් ළමයි 50ක් නේවාසිකාගාරවලින් අයින් වෙනවා. මම ඒ අයට අවස්ථාවක් අරගෙන දෙන්න බලන්නම්.”
”බොහොම ස්තූතියි සර්!. මම හෙටම ලිස්ට් එක දෙන්නම්.”
දිසානායක කාමරයේ දොර ල`ගට යත්ම උපකුලපතිතුමා නැවත ඔහු ඇමතුවේය.
”ආ... දිසානායක... මගේ ලේකම්ගෙන් විශේෂ ශිෂ්‍යත්ව පෝරමයක් ඉල්ලා ගෙන යන්න. මම ඔයාව දන්නවනේ. ඔයාටත් උදව් කරන එක මගේ යුතුකමක්”

විශ්ව විද්‍යාල අභ්‍යන්තර ශිෂ්‍යත්ව ලැබෙන්නේ විශේෂ දක්ෂතාවයන්ට හෝ අනෙක් ශිෂ්‍යත්ව නොලැබෙන්නේ නම් පමණි.

”සර් මට මහපොල ලැබෙනවා.!”
”මහපොල හරි අනෙක් ශිෂ්‍යත්වයක් තියෙනවද කියලා ලේකම් ඇහුවොත් නැහැ කියන්න. කියන්න මම එහෙම කිව්වා කියලා.”
”හො`ද හදවතකින් පරිපාලනය එක්ක ගනු දෙනු කරන ශිෂ්‍යයන්ට අපි හදවතින්ම ණය ගැතියි. දැන් එහෙනම් යන්න. කණ්ඩායමේ බලාපොරොත්තු නැති නොකර තව අවුරුද්දක් තියා ගන්න. ඒක විතරයි දිසානායකට කරන්න තියෙන්නේ...”

උපකුලපති ශිෂ්‍යත්වය දිසානායකගේ පොත් ටික සහ අනෙක් උපකරණ ස`දහා අවශ්‍ය බර වියදම් පියවීමට මහත් රුකුලක් විය. අප්පච්චිගෙන් අමතර මුදල් ඉල්ලන්නේ නැතිව තම කටයුතු කරගෙන යාමට හැකි වීම මහත් භාග්‍යක් ලෙස දිසානායකට දැනුනි. තම කණ්ඩායම පාවා දුන්නා ද යන සිතිවිල්ල ඇති වන හැම විටම ඔහු දුෂ්කර පලාත්වලින් පැමිණ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ ගණනකට පැරණි නේවාසිකාගාර කාමර ලබා දීමට ගත් පියවර මතක් කර ගත්තේ ය. ”වී.සී. ට කරන්න බැරි දෙයක් මම කරන්නේ කෙසේ ද? මා කණ්ඩායම පාවා දී නැත.” දිසානායක එම සිතුවිල්ල විරුද්ධකර තර්ක කර පරාජය කළේ ය. කණ්ඩායම තුලින් කිසි විටෙක එවැනි ප‍්‍රශ්ණයක් නොනැගීම ඔහුගේ සිතට පහසුවක් විය.

විශ්ව විද්‍යාලය තුලින් ආයතනික පුහුණුව ස`දහා විදේශිය ශිෂ්‍යත්ව ඉල්ලූම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනා අතරින් දිසානායකට සිංගප්පූරුවේ විශ්ව විද්‍යාලයකට සය මාසික ශිෂ්‍යත්වයක් ලැබුණි. තමාගේ විෂය කි‍්‍රයාකාරකම් වලින් අවම ලකුණු ලබා සිටියද මෙම ශිෂ්‍යත්වය විෂය බාහිර කි‍්‍රයාකාරකම්වලට ලැබුණු අගය කිරීමක් බව දිසානායක තේරුම් ගෙන සිටියේය. එසේම අන්‍යයන්ට ද පැහැදිලි කළේය.

තම විශ්ව විද්‍යාල දිවියේ අවසන් වසරේ දී පැවැති නිලවරණයෙන් ශිෂ්‍ය සංගම් සභාපති ධූරය හිමිකර ගන්නට දිසානායකට හැකිවිය. රටේ ආණ්ඩු බලය ස`දහා වූ බල අරගලයක් ඇති වත්ම එහි උණුසුම විශ්ව විද්‍යාලයේ ගේට්ටු කණු අතරින් ඇතුලට කාන්දු වූයේ නිතැතිනි. පැවැති ආණ්ඩුවට විරුද්ධ පාක්‍ෂික ශිෂ්‍ය කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වය ගැන දිසානායකට ආරංචි ලැබෙමින් තිබිණි. දිසානායක උපකුලපතිතුමා ගේ අවධානයට මේ කරුණු ඉදිරිපත් කරන ලදී. මේ අතර, මාසික ශිෂ්‍ය සංගම් රැුස්වීම් දිනක දී සහභාගිවන්නන් ස`දහා බාහිරින් දිවා ආහාර රැුගෙන ආ තම කණ්ඩායමේ සාමාජිකයෙකුට පහර දී ඇති බව දිසානායකට ආරංචි විය.
”තොපි අපේ සුභසාධනයට වියදම කරන්න තියෙන සල්ලිවලින් චයිනීස් කනවා පෙට්ටියට දෙසීයක් ගෙවලා! අපි කැන්ටිමේ රුපියල් විස්සේ බත් එක ගිලිනවා.” යැයි කියමින් කලහකාරීව තමා වෙත කඩා වැදුනු ප‍්‍රතිවාදීන් තමා ගුටි බැට දී පලා බව කී සගයා රෝහල් ගත කළ දිසානායක, කෝපයෙන් පුපුරමින් වහා ශිෂ්‍ය සංගම් රැුස්වීමක් කැ`දවීය.

”අපි මේකට මොකද කරන්නේ ! මේ විදිහට ගියොත් කාටවත් පාරෙ බැහැලා යන්න බැරි වේවි.....ඉවසන එකේ සීමාවක් තියෙනවා.....” දිසානායක හ`ඩ අවදි කළේය.
”අපි රිටන් එකක් දෙමු අයියේ! අපේ එවුන් ලෑස්තියි.” ප‍්‍රථම වසර නියෝජිතයා කියන්නේ ආවේගයෙනි.
”හරියටම හරි. අපි හෙටම රිටන් එකක් දෙන්න ඕනි. මේ වැඬේට සම්බන්ධ එවුන්ගේ නම් ගම් ඔක්කොම මම දන්නවා. ඔක්කොම හොස්ටල් එවුන්. හෙට ? කෑමට එළියට එනකොට උන් ඔක්කොම එළියට බහිනවා ? හතට විතර. හ`දුන් ආරච්චියා තමයි මුන් කුලප්පු කරන්නේ. අපි අදම බඩු සෙට් කරගන්න ඕනි”.

”අපේ එකාට දහයක් ඉස්පිරිතාලෙ යන්න ඕනි! තේරුණා නේද?”

පසු දින රාත‍්‍රි සිදු වූ පහර දීම නිසා විරුද්ධ පිලේ සිසුන් බොහොමයකට රෝහල් ගත වන්නට සිදු විය. බරපතල තුවාල ලැබූ හ`දුන් ආරච්චි සිසුවා හදිසි ශල්‍යකර්මයක් ස`දහා යොමු කරන ලදී. විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමුණි. මේ අතර දිසානායකට උපකුලපතිතුමාගෙන් කැ`දවීමක් ලැබුණි. මෙවර පහර දීම බරපතල වැඩි නිසා උපකුලපතිතුමාගෙන් බේරුමක් නොවන බව දත් දිසානායක ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සමගද සාකච්ඡුාකර උපකුලපතිතුමා හමු වීමට ගියේය.

බැ?රුම් පෙනුමක් සහිතව කවුළුවෙන් ඉවත බලා සිටි උපකුලපතිතුමා දිසානායක දෙසට හැරී ඔහු දෙස පරීක්‍ෂාවෙන් බැලූවේය.
”සර්... මේ... මේ...”
”එක වචනයක්වත් කියන්න එපා! දිසානායක.. මම කියනදේ අහනවා”
”තමුසෙලා ඔය කරපු වැඬේ නියමයි. විශ්ව විද්‍යාලයට බොහොම අමාරුවෙන් රිංගගෙන ඉගෙන ගන්න එක පැත්තක තියලා මුන් ආණ්ඩු පෙරලන්න හදන්නේ.” දිසානායකට සිදුවන්නේ කුමක් දැයි නොතේරුණි. මේ නම් තමා කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ අදහසකි. උපකුලපතිතුමා සිටින්නේ තමා සිටින තැනටත් වඩා අන්තවාදී තැනක ද?. එය යම්කිසි සහනයකි.

”බදාදා සවස තමුසෙලා කොල්ලො කණ්ඩායම ගෑණු ළමයි එක්ක ? කෑමට කැන්ටිමට යද්දී හ`දුන් ආරච්චිලාගේ කණ්ඩායම ම`ග අවුරලා ගහන්න ආවා. කැන්ටිම ල`ග දී ඇති වෙච්ච ගැටුමේ දී තමුසෙලා දහ දෙනෙක් ඉස්පිරිතාලෙ ඇඞ්මිට් කළා. ගෑණු ළමයි දෙන්නෙකුටත් සුළු තුවාල. ගහන්න ආපු එවුන් ගුටිකාලා පැනලා දිව්වා.”
”තේරුණා නේද? හැමෝටම මම කියපු දේ අකුරක් නෑර කියලා දෙනවා. අද හවස දෙකට පොලීසියෙන් ප‍්‍රශ්ණ කරන්න මෙහෙට එනවා. තමුසෙලාගේ සුළු හරි තුවාල වෙච්ච යාළුවෝ ටිකක් එක්කගෙන ඇවිත් මගේ ඔෆිස් එකේදි සාක්කි දෙන්න පුළුවන්.”
දිසානායක උපකුලපතිතුමාගේ මනාව අග මුල ගලපන ලද කථාවෙන් විශ්මයට පත් විණි. ගැටුමේ ප‍්‍රථිඵල වලින් මේ කථාව මහා බොරුවක් ලෙස නොපෙනෙන්නේ නොවේ ද?
”සර්! තුවාල වෙලා ඉස්පිරිතාලෙ ඉන්නේ ඔක්කොම උන්නේ එවුන්. එහෙම එකේ පොලීසිය ඔය කථාව විශ්වාස කරයි ද?”
”ඔන්න පැන්නා තමුසෙගේ ඔළුවේ ඉන්න අයිස්ටයින්! මෝඩයා මම කියන දේ කරනවා. ඉතිරි ටික මම බලාගන්නම්... දැන් යන්න පුළුවන් ”

පොලිස් පරීක්‍ෂණයේ දී තම වරද පුරා වසන් කිරීම නින්දාවට කරුණක් බව හැ`ගුණු දිසානායක සහ ශිෂ්‍ය පිරිස ”උන් ගැහුවා. අපිත් ගැහුවා ” යනුවෙන් තරාදිය සමබර කරන්නට උත්සහ ගත්හ. රජය මෙම සිද්ධිය විශ්ව විද්‍යාලවල දේශපාලන අතකොළු බවට පත්ව සිටින රාජ්‍ය විරෝධී ශිෂ්‍ය කණ්ඩායම්වල උසිගැන්වීමෙන් ශිෂ්‍යයන් අතර සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ලෙස ඉදිරිපත් කළහ.
හ`දුන් ආරච්චි ශිෂ්‍යයා සිරුරේ අභ්‍යන්තර රුධිරවහනය නිසා මරණයට පත් වීම දිසානායකගේ සිත කීරු ගැස්වීමට සමත් විය. තම ජීවිතයේ පළමු වතාවට තමා අතින් මහා පවක් සිදු වූ බව ඔහුගේ යටි හිත දෙස් දෙවොල් න`ගන්නට විය. විරුද්ධ පාක්‍ෂික ශිෂ්‍ය කණ්ඩායම් ලෙසට ලෙයින් පළිගන්නා බව දිව්රූහ.

වේගයෙන් පැමිණි වෑන් රථය විශ්ව විද්‍යාල ගේට්ටුව පසු කොට නැවතිණි. ගමන් මළු රැුගෙන දිසානායක පසු පසින් ආරක්‍ෂකයන් දෙදෙනෙක් වෑන් රථය වෙත පැමිණියහ. ඉදිරි පස අසුනේ සිටි අප්පච්චි බැස විත් ගමන් මළු වාහනයේ පසු පසින් අහුරයි. පසුපස අසුනේ සිටින අම්මාගේ දුක්බර මුහුණ ද, කරුණේ මල්ලීගේ සිනා මුහුණ ද, දිසානායක බලාපොරොත්තු වූ පරිදිම විය.
”පුතා ඉස්සරහින් නගින්න.” අප්පච්චී පිටු පස අසුනට නැ`ග දොර වසා දැමුවේය. දිසානායකගේ සිතට තමා සියල්ලෙන් බේරී පැන යන්නකු නොවේ දැයි සාංකාවක් ඉපදිණි.

ස`ද එළිය මන්දාලෝක වූ තැනින් තැන දැල්වෙන විදුලි පහනින් ඒඒ තැන් ආලෝකවත්ව ඇති විශ්ව විද්‍යාල භූමිය දෙස දිසානායක අවසාන වරට හැරී බැලූවේය. ඔහුට උපකුලපතිතුමාගේ අවසන් වදන් සිහියට නැගෙයි.
”කැම්පස් ආවාම ඔයා කොපි කරලා උසස් පෙළ සමත් උනා ද කියන එක වැදගත් නැහැ. තව අවුරුදු පහකින් ඔයා ඔයාගේ පශ්චාත් උපාධිය අරගෙන ලංකාවට එන කොට අද ඔයා එක්ක රණ්ඩු කරපු අය මෙතන නැහැ. ඔයා ඊයෙ කළේ මොකක් ද කියන එක අන්න එදාට වැදගත් නැහැ.”
”සත පහක් ගෙවන්න ඕන නෑ මේක රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යත්වයක්. ඉගෙන ගන්නවාට ඔයාට ගෙවනවා.”
”හැම දේකටම බොහොම ස්තූතියි සර්! සර් මට තාත්තා කෙනෙක් වගේ.”
”තාත්තා කෙනෙක් වගේ...”
”ඔව් සර්!”

”දිසානායකට මට යමක් කියන්න තියෙනවා!”
”මගේ තාත්තා ගොවියෙක් කියලා කිව්වා මතකද?”
”ඔව් සර්!”
”මගේ තාත්තා ගොවියෙක් නෙවෙයි දිසානායක!”
”මම දැනගෙන හිටියා සර්. සර්ගෙ තාත්තා අධිනීතිඥයෙක්”

0 comments:

Post a Comment

 

© Copyright සිතුවිලි . All Rights Reserved.

Designed by TemplateWorld and sponsored by SmashingMagazine

Blogger Template created by Deluxe Templates